Thursday, August 7, 2014

සමනල වැව පුරවන්නට, බෙලිහුල් ඔය ගලා ඇවිත් , ආදර කදු තරණය කර, දෙහදක් අද වෙන්ව ගිහින්..

   කරුණාරත්න දිවුල්ගනේ මහතා මෙහෙම කියද්දී සහ මේ සින්දුව අහද්දී මට නම් ඇත්තටම මේ සින්දුව මැවිලම පේනවා..



සමනල වැව පුරවන්නට..
බෙලිහුල් ඔය ගලා ඇවිත් ..
ආදර කදු තරණය කර
දෙහදක් අද වෙන්ව ගිහින්..
සුවද හදේ තවරලා ..යන්න ගිහිල්ලා..//

පහන් තරුව පායා විත්
ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා ...
සුවද හදේ තවරලා ..යන්න ගිහිල්ලා..//
   මේ තමයි අපේ පළමු වසර බැච් ට්‍රිප් එක..ගියේ කොහෙද කියල කියන්න ඕනේ නෑ නේ ..සින්දුවේම තියෙනවනේ.."ආදර කන්ද" සබරගමුවේ  තමයි තියෙන්නේ..බෙලි හුල් ඔයේ ප්‍රධානම පෝෂක ප්‍රදෙශයක්ලු මේ ආදර කන්ද..සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ උදව්වෙන් තමි අපි ගිය අව්රුද්දෙ ඒ කිව්වේ 2013 දී අපි ආදර කන්ද නැග්ගේ..

   

     ආදර කන්ද නැගල බහිනකන්ම මම නම් විශ්වාශ කලේ නෑ ආදර කන්දේ අනුහස් තියෙනවා කියල..දැන් නම් දන්නවා..එකට හේතුව තමයි කන්ද නැගල බහිද්දී අපේ සෙට් එකෙන් සැහෙන ගානක් ගොඩ ගිහින් තිබ්බ..

     

      ඒ කොහොම උනත් සමහරු ට්‍රයි කලා ..තව සමහරු තාමත් ට්‍රයි ..සමහරු ගොඩ ගියා ..සමහරු තාමත් ඇන..අර කියල තියෙනවනේ වැඩ කාරයට කොතනත් එකයි කියල..කොහොමහරි අපි හැමෝම සුපිරිම ෆන් එකක් නම් ගත්ත ජීවිතේටම අමතක නොවෙන විදියට...මොකද 1st year බැච් ට්‍රිප් ජීවිතේටම එකනෙ..


    සෙල්ලම් නැ කෙල්ලෝ සෙට් එකක් එක්ක කන්දක් නගිනවා කියන එක..කන් දෙකේ ඇගිලි ගහන් තමයි නැගල බැස්සේ..අනික නගිනවා මිසක් බහින්නත් ඕනේ කියල හිතන්  නෙවේනේ කට්ටිය කන්ද නැගල තිබ්බේ..


     කොහොමහරි අපි අනික් ෆැකල්ටි වලට වඩා උඩටම නැගල ,කොහොමහරි යහතින්ම පහළටත් බැස්ස..වැස්සත් වැස්ස..තෙමෙන එකත් තෙමුනා නැති වෙන්නම..ඒ උනාට අපි එකට තෙමෙද්දී පට්ටම ආතල් එකක් තිබ්බ..මොකද ජීවිතේටම එක පාරනේ...

No comments:

Post a Comment