Friday, June 17, 2016

ඉන්ටව් එක... (2 කොටස )

ඩෙංගු හැදිලා ගෙදරට වෙලා ඉන්න මේ දවස් ටිකේ මොනාහරි ලියන්න ඕනි කියල හිතුන..:) 
අද කියන්න යන්නෙත් හා හා පුරා කියල IT ෆීල්ඩ් එකේ ජෝබකට ඉන්ටව් යන අයටම වැදගත් වෙන පොඩි දේවල් ටිකක් තමයි..අපි කලින් කතා කලානේ IT කොම්පැනි ගැන..අද කතා කරන්නේ ඇත්තටම මේ IT ඉන්ටව් වල මොනාද අහන්නේ කරන්නේ කියල .. මේ ගොඩක් දේවල් අපේ බෝඩිමේ (6 කණුවේ ) කට්ටියගෙන් එක එක කොම්පැනි වලින් අහපුව තමයි ඉතිං.. මෙතන නම් තියෙන්නේ ගොඩාක් basic එහෙම නැත්නම් මුලිකවම අහන දේවල්..මුලික දේ නැතුව වෙන මුකුත්ම බෑ නේ ඉතින්..හරි වැඩි කථා ඕනේ නෑ..කියවලම බලමුකො..කොමෙන්ටුවක් දා ගෙන යන්න අමතක කරන්න එපා හොදේ..



OOP ගැන මේ ටික දැන ගන්න
Class, Object , Variable ඔන්න 
කිව්වොත් ඩිෆයින් කරන්න 
හොද හැටි දැනගෙන යන්න 

මේවා නම් හරි සිම්පල් 
කිව්වොත් දෙන්න එක්සාම්පල් 
රියල් ටයිම් යුසබල් 
දෙන්නට වෙනවා ප්‍රැක්ටිකල්

හයි ලෙවෙල්ද ලෝ ලෙවෙල්ද 
ඩිපෙන්ඩන්ට්ද ඉන්ඩිපෙන්ඩන්ට්ද 
ස්ටැටික්ද ඉන්ස්ටන්ස්ද 
ගතිගුණ හොද හැටි දන්නවද

Inheritance, Encapsulation විතරයිද 
Polymorphism , Abstraction අමතකද  
රියල් life, කරපු project  ඔට්ටුයිද 
ඇහුවොත්  උදාහරණ  පුලුවන්ද

ෆස්ට් year ඇල්ගෝ මතකයිද 
Queue එක, ලින්ක් ලිස්ට් පුලුවන්ද 
Next එක Previous නොඩ් බැලුවාද 
ඇහුවොත් ලියන්නට පුලුවන්ද 

ඉන්සර්ශන්, සිලෙක්ෂන් විතරක්ද 
බබල් ,radix, හීප් ,මර්ජ් ඇහැකිද 
කාඩ් කුට්ටමින් සෝටින් කලෑකිද 
ඇල්ගෝ එක තිතටම ගැහුවැකිද


Quick සොර්ට් පට්ටෙට වැඩ නේද 
රනින් ටයිම් තිතටම දුවනව නේද 
Binary සර්ච්, ට්‍රැවසල් ගොඩ නේද 
රෙඩ් black ට්‍රී ත් එලටම ඇති නේද 


ඩේටබේස් වැඩ තාමත් මතකයිද
සිලෙක්ට්, අප්ඩේට් , ඩිලීට් පුලුවන්ද 
කුවෙරි ගහන්නට තාමත් දන්නවද 
SQL ගැන අමතක නැහැ නේද 

JDBC ගැන හොද හැටි දන්නවද 
කිව්වොත් ලියන්නට,  මතකයිද 
කනෙක්ශන් ක්ලොසින් අමතකද 
එක්සේප්ෂන් දාපු තැන් කියනවද 

කිව්වොත් ලියන්නට පොඩි ඇල්ගෝ එකක් 
දුන්නොත් un සොර්ට් array එකක් 
ඇහුවොත් 2nd ලාර්ජ් index එකක් 
ගැහුවැකිද රනින් ටයිම් අඩු ඇල්ගෝ එකක් 

දුන්නොත් හොයන්නට පැලින්ඩ්‍රෝමයක් 
කොච්චර දුවනවද ෆෝ ලුපයක් 
ඇරේ එකක්,  ඇරේ ලිස්ට් එකක් 
දුන්නොත් කිව්වෑකිද  වාසියක් 

කරපු ප්‍රෝජෙක්ට් දැන් මතකෙට අරගන්න 
එන්ටිටි,ක්ලාස් ඩයග්‍රම් පොඩ්ඩක් දැනගන්න 
ප්‍රොජෙට් එකෙන්  ඕ ඕ පී  පෙන්නන්න 
කරපු කියපු දේ හොදැටි දැන යන්න 

ප්‍රිමිටිව් කාස්ටින් , ඔබ්ජෙක්ට් කාස්ටින් පුලුවන්ද 
මල්ටි ත්රේඩින් ,ඩෙත් ලොක් එහෙමත් මතකයිද 
පුල්,පොඉන්ටර් , මැලොක් එහෙමත් අහයිද 
නොඅහන්නේ මොනාදැයි සිතා පලක්ද 

අහන දේට හරියට පිළිතුරක් දෙන්න
දන්නා දේ කීමට කිසිවිට බිය නොවන්න 
නොදන්නා දේ නොදන්න බව කියන්න 
ගටක් තියේ නම් හැමවිට ජය ගන්න   


ඔබේ අදහස් උදහස් අපට ශක්තියක්.. :) 
හිතේ තියෙන දේ ලියාගෙනම යන්න.. 

   

Wednesday, April 13, 2016

ඉන්ටව් එක...

ඔව්..අද  කියන්න යන්නේ  නම් සරසවිය ගැන නෙවෙයි..ඉන්ටව් එක ගැන තමයි..හරියටම කියනවනම් සරසවි ගමන අහවර කරලා හා හා පුරා කියල IT ෆීල්ඩ් එකේ ජෝබකට, ඉන්ටර්න් එකකට ඉන්ටව් යන , යන්න ඉන්න අයටයි..  ඒ උනාට හැමෝටම  මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.. මොකද හැමෝම කවදාහරි මේ අත්දැකීමත් ගන්න එපැයි ඉතිං හිටං ..මුලින්ම කියන්න ඕනේ, මෙහි අන්තර්ගතයන් කිසිවක් කිසිදු පුද්ගලයකුගේ අපහසුතාවයට ලක් කිරීමට නොවන අතර ;) :p  හුදෙක් රසාස්වාදය හා විනෝදාස්වාදය සදහාම පමණි..  හැබැයි ඉතින් කැම්පස් එකේ අන්තිම කාලේ ඉන්න නංගිලා මල්ලිලට නම් ලොකු  වැදගත්කමක් තියෙයි.. ඒ වගේම තමයි මේ ඔක්කොම කියල තියෙන්නේ මේ හැම තැනකටම ගියපු  6  කණුව අපේ   අත්දැකීම් වලින් තමයි ඉතිං  හිටං.. :p ;)  අදහස්, උදහස්, ගල්, මුල් හයිලි රෙකොමන්ඩ්.. :) 


තියෙනවනම් එකක් ෆස්ට් ක්ලාස්
යන්නකෝ Geveo, Cake labස්
ඒවත් එක්ක ගැහුවානම් කප්ස්
එක්කං යාවී WSOටු, 99 එක්ස්


ඉන්නට ඕනි නම් පොෂ් එකට
කන්නට ඕනි නම් බුෆේ රසට
යන්නට ඕනි නම් ගෙදර වෙලාවට
දැනගෙන යන්න IFS ගැන හොදට


ආසයි නම් ගේමින්, වී ආර් වලට
ගහනවානම් එළිවෙනකම් COD හොදට
දන්නවනම් සී ඩබල් ප්ලස් එලට
අහනවා ඇල්ගෝ ගියෝතින් SimCentric එකට


පුළුවන් නම් වැඩ ගොඩකට කර දෙන්නේ
සුපතල නමක් ඇත හොද හැටි වැඩ ගන්නේ
කිව් පමනතින් ගමේ ගොඩෙත් අදු නන්නේ
virtusa යන්න, මම නම් ඕන් නෑ දන්නේ


හොද හැටි දෙනවා නෑ ලොබ කම් අදුනන්නේ
ඇල්ගෝ විතරක්ද core ජාවත් අහන්නේ
ගිය කව්රුත් නැහැ වරදක් කියන්නේ
ගියෝතින් ගොඩ Cambio නෑ දෙවරක් සිතන්නේ




linux එක්ක ඕපන් සෝස් වැඩ කිඩ දන්නේ
වැටෙනකන්ම පාර්ටිස් මෙහෙ නොවරදින්නේ
ගියොත් ගොඩ තමයි සැලරි නම් නෑ කියන්නේ
සැප නම් ඉතිං MIT බට්, සී ප්ලස් ප්ලස් දැන යන්නේ


කන්නට බුෆේ ඇති පදමට රසට
නිදහසෙ ඉන්න හිත ඇති සැමට
Code විතරද?,COD ගැහුවැකි හොදට
පඩි නැතුවට epic පට්ට සිරාවට


ස්වීඩන් වැඩට ගේමින් වලට හිත ඇති අයට
.Net , C ශාප් වැඩ දන්නා වැඩ්ඩන්ට
unity, unreal වැඩ කිඩ පෙන් නන්ට
පට්ට තැනක් Crowderia සිරාවට



ඔය හැම එක්ක ගේමක් දෙන කරට කර
තියෙනවා එකක් GSoC පවා කරවන
UCSC අයට සැමදා ආඩම්බරයක්ය එය
SCORE කිව්වාම දන්නවා නොකීවට


Stock එකේ exchange වැඩ පෙන්නන්නේ
ඉන්ටව් එකේ හොද හැටියට ගොඩ යන්නේ
IQ එකේ rating එක,පට්ටෙට නංවන්නේ
එහෙමයි මචං DirectFn සෙට් වෙන්නේ


USA කොම්පැනියක් මේක රිසවේෂන් වැඩට
ගියපු ගමන් දෙන්නේ ලැප් එක අතට
codeයි paperයි දැම්මොත් ගොඩ හොදට
තව ඉන්ටව් 1ක් තියෙනව Rezgetway එකට


C# එක්ක .Net ගැන හොදහැටි දැන ගන්න
Framework , Architect ත් මතකෙට අරගන්න
IQ එක්ක Paper එක ගොඩදා ගන්න
පෑනක් අරං NavantisIT යන්න


සිලිකන් වැලි බේස් කොම්පැනියකි බෝම
වැඩිපුර දන්නෑ කව්රුත් ස්ටාර්ට් අප්ලු තාම
කරනවා අව්ට් සොසින් MITයේ ම
Heap, Pool දැනන් යන්න Auxenta සැවොම


කොලබ හතේ ඇති මේ කොම්පැනිය හොදයි
හයිබර්නේට් , ස්ට්‍රක්ට් දන්නා ඈයො සොයයි
Paper එකේ ඇති ප්‍රශ්නත් හරි ලේසියි
Accelerite කිව්වම දැන් , සැවොම දනියි


කොමෙන්ටුවක් දාලම යමු නේ.. :)

Thursday, March 10, 2016

පටාගේ වීල්බැරෝ රේස්

අද කියන්න යන්නේ ටිකක් පරණ සීන් එකක්.. අද කතාවේ ප්‍රදාන චරිත 2ක් ඉන්නවා..එක්කෙනෙක් පටා (කැම්පස් එකේ ඉන්නකන්ම මාත් එක්ක කට්ට කාපු මගේ අතිජාත මිත්‍රයා :p)අනික් කෙනා තමයි අපේ Union එහෙමත් නැත්නම් ශිෂ්‍ය සංගමයේ සාමාජික කිතුලේ.. කිතුලේ කියන්නේ කොයිවෙලෙත් හදිස්සියෙන් ඉන්න, මොකක් ඇහුවත් "හරි මචං..එහෙම කරමු..මං බියන්ගෙන් අහල කියන්නම්.." කියල කියන හරී සුපරික්ෂාකාරී චරිතයක්..එ වගේම පටා කියන්නේ උපතින්ම ලනු දෙන්නම ඉපදිච්ච එකෙක්.. ඔන්න කොහොමින් කොහොම හරි මේ සින් එක උනේ ස්පෝර්ට්ස් ඩේ එකට කලින් දවසේ. පටාට ස්පෝර්ට්ස් ඩේ එකේ තිබ්බ බාර දුර වැඩේ තමයි වීල් බැරෝ රේස් (අර එක්කෙනක් අත් දෙකෙන් තව කෙනෙක්ගේ කකුල් දෙකෙන් අල්ලන් යන්නේ )



ඇත්තටම ඉතින් මේ ඉවෙන්ට් එක කරන්න කිසිම පෙර සුදානමක් ඕනේ නෑ නේ..එ උනාට අනික් ඉවෙන්ට් කරන අයගේ වැඩේ එහාට කෝල් කරනවා. මෙහාට කෝල් කරනවා.."මචං ඇපල් ගෙඩි 10ක් තව ඕනේ වෙයි.. අඩෝ ලුණු පැකට් 2ක්ම ගෙනෙන් ..", "ඔව් ඔව් මචං නරක්වෙච්ච තක්කාලි තමයි ඕනේ " ...දැන් ඉතින් පටාටත් ඉන්න බෑ..පටත් ගත්ත කෝල් එකක් කිතුලේට..කිව්වා පටාගේ ඉවෙන්ට් 1ට ඕනි කරන බඩු ටික..කිතුලෙත් ඉතින් පුරුදු විදියටම කිව්වා.. "හරි මචං..එහෙම කරමු..මං බියන්ගෙන් අහල කියන්නම්.." කියල..ඉතිං අපේ කිතුලේ අනික් පැත්තට ගත්ත කෝල් එකක් බියන්ට..බියන් එ වෙලාවේ ඉදල තියෙන්නේ කොටුවේ 3, 4 විදි පීර පීර අඩුවට ඉවෙන්ට් එකේ බඩු තෝර තෝර..අනේ ඉතිං අපේ කිතුලේගෙන් ශිෂ්‍ය සංගම් සභාපතිට ආපු කෝල් එක බියනුත් දෙපාරක් හිතං නැතුව answer කළා..



"හෙලෝ, බියන්..මාර සීන් එක..හෙට තියෙන විල් බැරෝ රේස් එකට, එකක් 200 ගානේ විල්බැරෝ 20ක් ඕනේ..එකට 4000ක් යනවා..මොකද කරන්නේ.. " අනේ ඉතින් වැඩ නැතිවට වැඩ එක්ක හිටපු අපේ බියනට උන් හිටපු තැන් අමතක උනාලු මේක අහල..කිතුලෙත් හොදවායින් අහගත්තළු.. කිතුලේ අදටත් විල්බැරෝ එක්ක තරහයිලු..පටා තාමත් කිටුලේට කතාකරල විල්බැරෝ ගැන අහනවලු.. තව රස කතාවක් එක්ක ඉක්මනට එන්නම්..

Thursday, January 7, 2016

ඇරඹුම

මේකට දාපු හෙඩින් එක "ඇරඹුම" උනේ මෙහෙමයි..මේ කවි දෙක පුංචි උනාට ලොකු වැඩ ගොඩකට ඇරඹුම උනේ මේකයි..මේ පුංචි කවි දෙකයි..අපේ ටොකෝ ටොකෝ එහෙම නැත්නම් මුදිතය ලියපු මේ කවි දෙකෙන් අපේ එවුන්ගේ හැන්ඟුණු  කවි සිතිවිලි එලියට ආව..මේ කවි දෙකෙන් පටන් ගත්තු කවි වාදෙ කවි මඩුවක් උනේ නොදනුවත්වමයි..අද නැගලම යන " UCSC කවි මඩුවේ " ඇරඹුම වෙන්නෙත් මේ සිද්දියයි..අපේ විද්‍යාර්ථන්ගේ හැන්ඟුණු  කවි සිතිවිලි අවදි කරපු ඒ කවි දෙක තමයි මේ තියෙන්නේ..ඊට පස්සේ වැටුන පිළිතුරු කවිත් ඉස්සරහට දාන්නම්කො... :) 

අලුත් නැවක ඇවිදින්...
ලොකු බෝල ඇස් දෙකක්...
හිනා වෙච්ච මුල්ම දවස..
මතකයි මට තාමත්..

බවන බැම්මේ උඩ තියාන..
තෙලක් බෙදපු මාවත්..
ලස්සන ඇස් බෝල අස්සේ..
හිරකරලා තාමත්..


-ජුන්නියෙක්ට වහ වැටුණු අපේ අහිංසක කොල්ලෙක්ගෙ සිතුවිලි...

Wednesday, January 6, 2016

6 කණුව

අද කතාව "සරසවියේ සොදුරු තැන් " පෙන්නන අපේ කට්ටිය ගැන අපේම එකෙක් කාලෙකට කලින් ලියපු එකක් මේක.. ඔව් මේක ලිව්වේ නදීශ්... එහෙම කිව්වට කව්රුත් දැන් නෑ.. ඒ උනාට නෑෂ් කිව්වාම හැමෝම දන්නවා.. නදීශ් කියන එක පොෂ් මදි නිසාලු නම වෙනස් කලේ කියලයි කියන්නේ නම්.. ඉතිං අපේ නෑෂ් ගැනත් කථා ගොඩාක් තියෙනවා.. ඒ  උනාට ඒවා දැන්ම දාන්න බෑ..මොකද ඒ කථා වලට සන්බන්ධ අයට හොද  නෑ..ඊටත් වඩා මූ කෑ ගහනවා දාන්න නම් එපා කියල..මොකද මුගේ කථා වල ආදරය, කරුණාව, විරහව, දුක , සන්තෝසේ , ත්‍රාසය , භීතිය පිරිලා.. හරියට කේ.ජි.කරුණාතිලක ශුරීන් ගේ අසන්ෂිප්ත පරිවර්තනයක් වගේ..හරි හරි අනම් මනම් වැඩක් නෑ.. මෙන්න 6 කණුවේ අපේ අය ගැන නෑෂ් ලියපු කතාව.. :)


රෑ ජාමේ ඇසෙනා බෝතල්                              සද්ද
කොහුවල ඇති මෙහි වෙයි පොඩි පොඩි           යුද්ද
කොල්ලෝ හයයි හය දෙනාම සුප                   සිද්ද
හයේ කනුව කව්රුත් නෑ                           නිෂ්ශබ්ද ..

ශුර ගොවියෙකි පැනියෙකි k.           කැකුලා
ලාවට ගත්තු විට ආතල් දෙන         කොල්ලා
තනියෙන් ඉන්න කැකුලියලා  දෙස     බලලා
පාත්ති දමයි shape එකේ මේ             කුකුළා

අයියෝ බං වේලෙනවා කිව්          චොප්පේ
අලුතෙන් ආ නැවටත් ඇහැ යැව්    චොප්පේ
ගොඩ ගියාම ගොඩයව අමතක     චොප්පේ
ජුන්නි එක්ක art එකට යන්          චොප්පේ

හිමින් ගමනකුත් වැඩකුත් නැති         මූට
කදු නගින්න කදු බසින්න හිත           මූට
උඩරටින්ම  විතරක් ඇන වෙන         මූට
මාපා උබේ දුක කියම්ද   අප             කාට.. ?

බලුබ් පත්තු කරනට දන්නා          ගොඩයා
වෙජි උනාට බිත්තර දෙක දෙක     ගිලිනා
පෝය දාට කටේ තියන් නැති         ගොඩයා
සුදු පාටක් ඇති බුතිට හිත                වැටුනා

ලොන්ත කොල්ල කෑගල්ලේ ඇහුන          කොලු
මේඩ්ඩිලටයි දැල දැම්මේ ඇහුන                 කොලු
මාතර ජුන්නිට ඇහැ යැව්ව                        කොලු
කවදාදෝ ගොඩ යන්නේ ඇහුන                කොලු

ගිටාර් එකෙන් කෙල්ලෙක්සෙට් කර         ගන්න
පේරාදෙණිය වත්තේ තැන් අහ                 ගන්න
හැන්ගෙන්නට හොද මල් ගස් දැන           ගන්න
මල්ලිලා උබල අපේ කම්බව                   හම්බෙන්න