Saturday, August 16, 2014

ගොඩ යාම..

           අද කියන්නේ යන්නේ තවත් සිරා කතාවක්..මේකත් ඇත්ත කතාවක්..මේකත් උනේ අපි දෙවෙනි වසරට ආපු  කාලේ එහෙමත් නැත්නම් පොඩි බැච් එක කැම්පස් එකට පය ගහපු මුල්ම දවස් වල තමයි.අපේ කතා නායකයා ගැන එකටම කියල ඉන්නම්කො..පොර කුරුණෑගල පිරිමි පාසලක බොහොම ලැජ්ජ බය ඇතිව හැදිලා , විලි ලජ්ජාවෙන් (ඒ කිව්වේ තුන්වෙනි පාර A/L කරල ) තමයි කැම්පස් ආවට මොකෝ  ජීවිතේටම කෙල්ලෙක් එක්ක යාලුවෙලවත් නෑ..කැම්පස් එකට ආපු දා ඉදන් මුගෙ කටේ තිබ්බෙම "අයියෝ බන් කෑල්ලක් වත් හිටියනම් ..ශික් .."  ඔය වචන ටික..අනික් එවුන්ට කෙසේ වෙතත් අපේ සෙට් එකට නම් ඕක අහලම උගුරටත් එනවා වගේ..
            මු කියන තව කතාවක් තමයි කෙල්ලෙක් සෙට් වෙනවනම් ඒ කෙල්ලගේ මුණේ හැඩ රුව  කොල්ලටත් තියෙන්න ඕනෙලු..නැත්නම් එක සෙට් වෙන් නෑලු..එහෙම කිය කිය හිටියට මොකෝ මු වැඩි කලක් නොගිහින්ම හා හා පුරා කියල ආපු පොඩි බැච් එකෙන්  ගොඩ ගියානේ..හැබැයි ලේසියෙන් නම් නෙවේ..දවස් ගානක්ම පෙරුම් පුරල පුරලා මුහුණු පොතෙත් චැට් කරල  තමයි ඉතින්..
         හැබැයි ඉතින් ඇස් වහක් කට වහක් නෑ මු පාටියකුත් දුන්න මදි නොකියන්නම..ඒවා මේවා වලින් කියන්න ආපු කතාවත් කියන්න බැරි උනා  නේ..මේ තියෙන්නේ  මුට කෙල්ල සෙට් වෙන්න කලින්,සෙට් වෙන එකක් නැ  කියල අපේ යාලුවෙකුට හිතිලා,අපේ එකාට ගොඩ යා ගන්න බැරිවෙන දුකට ,යාලු ෆිට් එකට ලිව්වා කවියක්..



කිකා අයිය කොහොමත් හරි වෙනස්    එකා
නංගි කෙනෙක් දැකලා සිත උමතු         වෙලා
ට්‍රයි කරමින් හිටි පුචියව                    එලවාලා
සකූ කියා නංගිගේ නම වෙනස්             කලා
 
      
කොල්ලෙක් නැහැලු අම්මට හරි බය   කෙල්ල
පොෂ් වෙන් නැහැලු ගැමි ආරෙට හිටි   කෙල්ල
ගති ගුණ හොදලු නාවල ඉන්නා          කෙල්ල
සෙට් වෙන ලකුණු පෙන්නයි නාවල    කෙල්ල  


 කාලය ගෙවී රැග් කාලය නිම                         වෙන්නා
ඩොටේ කෙල්ලෝ දැන් ටික ටික පොෂ්          වෙන්නා
කොල්ලෝ නැහැයි කී බොරු ටික ටික      එළිවෙන්නා
බොරුවට අහුඋනු අයියල දැන්                  දුක්වෙන්නා



රැග් එකේ දමාගෙන හිටි බොරු මුහුණු   නැතේ
සකූගෙ ඇත්තේ අමුතුම පොෂ් ලයින්     වෙතේ
ගව්ම මාරු කර ඩෙනිමට බැස්ස             වෙලේ
කිකා අය්ය හැඩුවා  මට මතක              තියේ

 
නිමවුණු ගමන් රැග් එක හනිකට             සකූ
මුණු පොතට ලොග් උන කිකාගේ          සකූ
ඉන් අ රිලේෂන්ශිප් දැම්මේ ඇයි ද          සකූ
කිකා අය්ය රහසින් හඩනවා                   සකූ

 
ඇයිද කිකෝ  අඩන්නේ මේ කදුළු            සලා
අපිට දැනේ උබේ තනිකම දෝරේ            ගලා                  
 නාඩන් කිකෝ සකු  ගැන                     හිතලා                 
 නාවමු බකට් එකෙ සකූව  වට              කරලා


අපේ කතා නායකයා කිකා  කිව්වට ඒක ඇත්ත නම නම් නෙවේ..නම් ගම ඔක්කොම මනඃකල්පිතයි..හැබැයි මේ බැච් පොටෝ එකේ නම් ඉන්නව..දන්නෝ දන්නා විදියටත්,නොදන්නෝ නොදන්නා විදියටත් ඉන්න එක හොදයි කෝකටත්...එහෙනම් අපි ගියා..

No comments:

Post a Comment