අද කියන්නේ යන්නේ තවත් සිරා කතාවක්..මේකත් ඇත්ත කතාවක්..මේකත් උනේ අපි දෙවෙනි වසරට ආපු කාලේ එහෙමත් නැත්නම් පොඩි බැච් එක කැම්පස් එකට පය ගහපු මුල්ම දවස් වල තමයි.අපේ කතා නායකයා ගැන එකටම කියල ඉන්නම්කො..පොර කුරුණෑගල පිරිමි පාසලක බොහොම ලැජ්ජ බය ඇතිව හැදිලා , විලි ලජ්ජාවෙන් (ඒ කිව්වේ තුන්වෙනි පාර A/L කරල ) තමයි කැම්පස් ආවට මොකෝ ජීවිතේටම කෙල්ලෙක් එක්ක යාලුවෙලවත් නෑ..කැම්පස් එකට ආපු දා ඉදන් මුගෙ කටේ තිබ්බෙම "අයියෝ බන් කෑල්ලක් වත් හිටියනම් ..ශික් .." ඔය වචන ටික..අනික් එවුන්ට කෙසේ වෙතත් අපේ සෙට් එකට නම් ඕක අහලම උගුරටත් එනවා වගේ..
මු කියන තව කතාවක් තමයි කෙල්ලෙක් සෙට් වෙනවනම් ඒ කෙල්ලගේ මුණේ හැඩ රුව කොල්ලටත් තියෙන්න ඕනෙලු..නැත්නම් එක සෙට් වෙන් නෑලු..එහෙම කිය කිය හිටියට මොකෝ මු වැඩි කලක් නොගිහින්ම හා හා පුරා කියල ආපු පොඩි බැච් එකෙන් ගොඩ ගියානේ..හැබැයි ලේසියෙන් නම් නෙවේ..දවස් ගානක්ම පෙරුම් පුරල පුරලා මුහුණු පොතෙත් චැට් කරල තමයි ඉතින්..
හැබැයි ඉතින් ඇස් වහක් කට වහක් නෑ මු පාටියකුත් දුන්න මදි නොකියන්නම..ඒවා මේවා වලින් කියන්න ආපු කතාවත් කියන්න බැරි උනා නේ..මේ තියෙන්නේ මුට කෙල්ල සෙට් වෙන්න කලින්,සෙට් වෙන එකක් නැ කියල අපේ යාලුවෙකුට හිතිලා,අපේ එකාට ගොඩ යා ගන්න බැරිවෙන දුකට ,යාලු ෆිට් එකට ලිව්වා කවියක්..
කිකා අයිය කොහොමත් හරි වෙනස් එකා
නංගි කෙනෙක් දැකලා සිත උමතු වෙලා
ට්‍රයි කරමින් හිටි පුචියව එලවාලා
සකූ කියා නංගිගේ නම වෙනස් කලා
කොල්ලෙක් නැහැලු අම්මට හරි බය කෙල්ල
පොෂ් වෙන් නැහැලු ගැමි ආරෙට හිටි කෙල්ල
ගති ගුණ හොදලු නාවල ඉන්නා කෙල්ල
සෙට් වෙන ලකුණු පෙන්නයි නාවල කෙල්ල
කාලය ගෙවී රැග් කාලය නිම වෙන්නා
ඩොටේ කෙල්ලෝ දැන් ටික ටික පොෂ් වෙන්නා
කොල්ලෝ නැහැයි කී බොරු ටික ටික එළිවෙන්නා
බොරුවට අහුඋනු අයියල දැන් දුක්වෙන්නා
රැග් එකේ දමාගෙන හිටි බොරු මුහුණු නැතේ
සකූගෙ ඇත්තේ අමුතුම පොෂ් ලයින් වෙතේ
ගව්ම මාරු කර ඩෙනිමට බැස්ස වෙලේ
කිකා අය්ය හැඩුවා මට මතක තියේ
නිමවුණු ගමන් රැග් එක හනිකට සකූ
මුණු පොතට ලොග් උන කිකාගේ සකූ
ඉන් අ රිලේෂන්ශිප් දැම්මේ ඇයි ද සකූ
කිකා අය්ය රහසින් හඩනවා සකූ
ඇයිද කිකෝ අඩන්නේ මේ කදුළු සලා
අපිට දැනේ උබේ තනිකම දෝරේ ගලා
නාඩන් කිකෝ සකු ගැන හිතලා
නාවමු බකට් එකෙ සකූව වට කරලා
අපේ කතා නායකයා කිකා කිව්වට ඒක ඇත්ත නම නම් නෙවේ..නම් ගම ඔක්කොම මනඃකල්පිතයි..හැබැයි මේ බැච් පොටෝ එකේ නම් ඉන්නව..දන්නෝ දන්නා විදියටත්,නොදන්නෝ නොදන්නා විදියටත් ඉන්න එක හොදයි කෝකටත්...එහෙනම් අපි ගියා..
සරසවිය..රසවිය..සවිය විය..එහෙම තමයි ඔන්න අපිට නම්.. A/L කරලා අපි ඔක්කොම කොලබ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයට ආවේ කවදාහරි පරිගණක විද්යාර්තයෙක්,මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන්න හිතා ගෙනනේ.ඉතින් අපි ගත කරන සහ ගත කරපු ඒ කාලේ කරපු කියපු සමහර දේවල් එක්කහු කරන්න ඕනේ කියල හිතේ කොනක තිබ්බ අදහසක් නිසයි මේ වැඩේ පටන් ගත්තේ ඔන්න.මේ වැඩේ කරන්නේ අපේ බෝඩිමේ සෙට් එක.සෙට් එක කිව්වට අපි ඔක්කොම හයය්.අපි ඉන්නේ හයේ කණුවේ.ඉතින් මේ තමය් අපේ ජිවිත කියන කතාව..
Saturday, August 16, 2014
Thursday, August 7, 2014
සමනල වැව පුරවන්නට, බෙලිහුල් ඔය ගලා ඇවිත් , ආදර කදු තරණය කර, දෙහදක් අද වෙන්ව ගිහින්..
සමනල වැව පුරවන්නට..
බෙලිහුල් ඔය ගලා ඇවිත් ..
ආදර කදු තරණය කර
දෙහදක් අද වෙන්ව ගිහින්..
සුවද හදේ තවරලා ..යන්න ගිහිල්ලා..//
පහන් තරුව පායා විත්
ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා ...
සුවද හදේ තවරලා ..යන්න ගිහිල්ලා..//
මේ තමයි අපේ පළමු වසර බැච් ට්‍රිප් එක..ගියේ කොහෙද කියල කියන්න ඕනේ නෑ නේ ..සින්දුවේම තියෙනවනේ.."ආදර කන්ද" සබරගමුවේ තමයි තියෙන්නේ..බෙලි හුල් ඔයේ ප්‍රධානම පෝෂක ප්‍රදෙශයක්ලු මේ ආදර කන්ද..සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ උදව්වෙන් තමි අපි ගිය අව්රුද්දෙ ඒ කිව්වේ 2013 දී අපි ආදර කන්ද නැග්ගේ..
ආදර කන්ද නැගල බහිනකන්ම මම නම් විශ්වාශ කලේ නෑ ආදර කන්දේ අනුහස් තියෙනවා කියල..දැන් නම් දන්නවා..එකට හේතුව තමයි කන්ද නැගල බහිද්දී අපේ සෙට් එකෙන් සැහෙන ගානක් ගොඩ ගිහින් තිබ්බ..
ඒ කොහොම උනත් සමහරු ට්‍රයි කලා ..තව සමහරු තාමත් ට්‍රයි ..සමහරු ගොඩ ගියා ..සමහරු තාමත් ඇන..අර කියල තියෙනවනේ වැඩ කාරයට කොතනත් එකයි කියල..කොහොමහරි අපි හැමෝම සුපිරිම ෆන් එකක් නම් ගත්ත ජීවිතේටම අමතක නොවෙන විදියට...මොකද 1st year බැච් ට්‍රිප් ජීවිතේටම එකනෙ..
සෙල්ලම් නැ කෙල්ලෝ සෙට් එකක් එක්ක කන්දක් නගිනවා කියන එක..කන් දෙකේ ඇගිලි ගහන් තමයි නැගල බැස්සේ..අනික නගිනවා මිසක් බහින්නත් ඕනේ කියල හිතන් නෙවේනේ කට්ටිය කන්ද නැගල තිබ්බේ..
කොහොමහරි අපි අනික් ෆැකල්ටි වලට වඩා උඩටම නැගල ,කොහොමහරි යහතින්ම පහළටත් බැස්ස..වැස්සත් වැස්ස..තෙමෙන එකත් තෙමුනා නැති වෙන්නම..ඒ උනාට අපි එකට තෙමෙද්දී පට්ටම ආතල් එකක් තිබ්බ..මොකද ජීවිතේටම එක පාරනේ...
Wednesday, August 6, 2014
සිහිනෙන් පවා....
අපි උ/පෙළ ඉවර වෙලා කැම්පස් ආවෙ මහමෙරක් දිනුව වගෙයි..ඔව් මහමෙරක් තමයි අපි දිනුවේ..හැබැයි ආ මග කෙට්යි..යා යුතු මග දුරයි කියල අපිට වැඩි කාලයක් යන්න කලින්ම හොදටම තේරුණා..ඉතින් ඒ මග යද්දී තියෙන බාධක දුක් කම්කටොලු එමටයි..මේ ඒ ගැන ලියවුනු කතෘ නොදන්නා පාරම්පරිකව (ඒ කිව්වේ බැච් එකෙන් බැච් එකට ) එන එක කවියක්..
සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ
රජකම ගන්න රජ ගෙදරට ගියයි සිතූ
අම්මා දනීනම් මේ සරසවියෙ තතූ
ගෙනගොස් බොහෝකල් මේ දුක් විඳින පුතූ
සරසවියේ මල් සමය...
අපි කැම්පස් ආපු ගමන් අපිට හම්බුනා ඔරියන්ටේෂන් 1ක්..හැබය් මේක නම් ඔය RAG කියන ගනේට වටෙන් නෑ..පට්ටම ආතල්..ජීවිතේටම එකම එක පාරය්..ජීවිතේටම අමතක වෙන් නැ..මතක් වෙද්දීත් හිනා යනවා..
කව්රු කොහොම නිර්වචනය කලත් අපි මේකෙන් බැච් එකේ ඔක්කොම යාලුවෝ අදුන ගත්ත..අදුන ගත්ත කියන්නේ නම අහගත්තා කියන එක නම් නෙවේ..හදවතින් කතා කරල ,කාටද අමාරුකම් තියෙන්නේ ,කාටද උදව් කරන්න ඕනේ කියල විතරක් නෙවේ අම්ම තාත්ත මොකද කරන්නේ ,මොනවද තියෙන ප්‍රශ්න කියල යාලුවෙක් විදියට කතා කරල යාලුවෙක් විදියට තව යාලුවෙක් තේරුම් ගන්න ඉගෙන ගත්ත..
හැබය් මේ නම් ඒ කාලේ නෙවෙය්.මේ අපේ ඔරියන්ටේෂන් එක ඉවර වෙලා "මල් සමය" (ආතල් කාලේ ) කාලේ වෙච්ච වැඩක්..මේක නම් ඇත්ත කතාවක්..ඉතින් කියෝලම බලන්නකෝ..
නංගි නංගි මෙහෙට වරෙන්
අක්ක ලගින් වාඩි වෙයන්
කෝ දැන් උබේ නම් ලිස්ට් එක
රචනාවත් ගනින් මෙහෙට
කෝ රචනේ පිටු කීයද
කියපන් දැන් මේ කොහේද
උබ දන්නේ මේ චුට්ටද
ඇය් නංගි මු එපාද?..
කියපන් දැන් මුළු බවනට
ඊට කලින් කෝ අවසර
අඩෝ මල්ලි තොට ඇහුනද
කියපන් බන් උබ ගොලුය්ද ?..
තෝ දන් නෑ මු මොකාද
නංගි උබට මු එපාද
මන් කිව්වේ හොදින් නේද
මොකෝ නංගි උබ පොෂ්ද?..
(බවන යනු UCSC කැන්ටිමය්)
මොකක්ද බන් මේ ලිව්වේ
නැද්ද උබට තේරෙන්නේ
සිංහල නම් නෑ දන්නේ
මට නෑ බන් තේරෙන්නේ
අප්පෝ බන් මේ මොකක්ද
"ටස්ටන්" ද තර්ස්ටන් ද
"මියුසස්" හිහ්.. ඒ මොකක්ද
සිංහල පොඩ්ඩක්වත්ම බැරිද
ඇය් බන් උබ මේ අඩන්නේ
මේව වැරදි දන්නේ නැද්ද
සිංහල තේරෙන්නේ නැද්ද
අඩන්නේ උබ මං බැන්නද
අඩෝ නංගි තේරුම් ගනින්
පොඩි දේටත් අඩන උබට
කොහොමද බන් ඩිග්රි ගන්නේ
ඉවස ගන්න පුරුදු වෙයන්
මේවය් බන් අපි කියන්නේ
අපිටත් තව වැඩ තියෙනවා
ප්‍රශ්න වලට මුණ දෙන්න
ගටක් අරං පුරුදු වෙයං..
හිටියා ඇති දැන් පලයන්
අය්නේ බෑ පලයන් බන්
වෙන තැනකින් වාඩි වෙයන්
කතා කරපන් අදුනගනින්....
තාක්ෂණය......
මෙන්න මෙහෙමය් අපේ UCSC කවියෙක් දිනෙන් දින දියුණු වෙන ලෝකයේ අලුත්ම තාක්ෂනය අනාගත සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක් විදියට දැක්කේ...
ජෙනුයින් මොටද බන් ක්‍රැක් එව්වා තියෙන කොට
ස්කයිප් මොටද වින් 8 තියෙන කොට
හාඩ් ඩ්‍රයිව් මොටද බන් ගුගල් ඩ්‍රයිව් තියෙන කොට
ඉන්ටනේට් මොටද බන් එලෙව්වත් Uni යෙන් නොයන මට
(මේනුක ඉෂාන් )
සින්නෙකුගේ පොඩි බැච් සිහිනය..
මෙන්න මෙහෙමයි UCSC කවියෙක් අලුතෙන් එන ,එහෙමත් නැත්නම් පොඩි Batch 1න් ගොඩ යන්න හීන මැව්වේ..සහ ඊට පස්සේ ඒ හීනෙට මොකද උනේ කියල මේක කියෙව්වම තේරේවි කියල හිතනවා..
තව දෙයක් කියන්න බැරි උනා නේ..මේ සිද්දිය වෙන්නේ අපි දෙවෙනි වසරට ඇවිත් පළමු වසරේ ඒ කිව්වේ අපේ භාෂාවෙන් නම් ප්‍රෙශර්ස්ල එනකම් ගොඩ යන්න(ඒ කිව්වේ කෙල්ලෙක් හොයාගන්න ) බලන් ඉන්න කාලේ වෙච්ච සිද්දියක් තමයි මේ.....
අලුත් batch එකෙන් ගොඩ යන්නට සිතුවා
පුරුදු නැති උනත් මම හැමදා නැවා
සිත මගේ කළඹනා යුවතිය හමු වුවා
නුහුරු හීන ගොඩකට මා මැදි වුවා ......
බුහුටි කෙලි පොඩ්ඩ මගේ හිත අරගන්නා
නුවර ගති වලට රූ සිරි එක්වෙන්නා
ඇයත් හොරෙන් බලනව වගේ වැටහෙන්නා
මගේ නෙතත් ඒ දෙසටම යොමුවෙන්නා
මචන් ඩෙටිලෝ බලපන් හරි වැඩේ තමය්
මපෝ සවෝ මගේ හිත දැන් ඇය ලගමය්
ඇහුනො කල්ලො, ඒ කෙල්ලත් මාව හොයය්
කැකුලො, මෙදා සැරේ කිකා ගොඩම තමය් .....
සිතට සැනසුමක් දෙන්නට හිටිය කෙලී
මහවෙ කැන්දන් යන්නට පැතුව කෙලී
හිතේ අලුත් හීනෙට පන පෙව්ව කෙලී
'පේරා' වලින් ගොඩ ගිහින්ලු රුවැති කෙලී
කෙලෙසින් කෙරුම කුරුළු කූඩුවක් කැඩුම ?
කොලුවෙක් නොවේද මං වගේ ඇති ඇගේ ලගම ?
පතමින් සතුට ආසිරි හා ලොව දිනුම
එලෙසින් නිමය් පොඩි බැච් එකේ මගේ පැතුම ...
තව දෙයක් කියන්න බැරි උනා නේ..මේ සිද්දිය වෙන්නේ අපි දෙවෙනි වසරට ඇවිත් පළමු වසරේ ඒ කිව්වේ අපේ භාෂාවෙන් නම් ප්‍රෙශර්ස්ල එනකම් ගොඩ යන්න(ඒ කිව්වේ කෙල්ලෙක් හොයාගන්න ) බලන් ඉන්න කාලේ වෙච්ච සිද්දියක් තමයි මේ.....
අලුත් batch එකෙන් ගොඩ යන්නට සිතුවා
පුරුදු නැති උනත් මම හැමදා නැවා
සිත මගේ කළඹනා යුවතිය හමු වුවා
නුහුරු හීන ගොඩකට මා මැදි වුවා ......
බුහුටි කෙලි පොඩ්ඩ මගේ හිත අරගන්නා
නුවර ගති වලට රූ සිරි එක්වෙන්නා
ඇයත් හොරෙන් බලනව වගේ වැටහෙන්නා
මගේ නෙතත් ඒ දෙසටම යොමුවෙන්නා
මචන් ඩෙටිලෝ බලපන් හරි වැඩේ තමය්
මපෝ සවෝ මගේ හිත දැන් ඇය ලගමය්
ඇහුනො කල්ලො, ඒ කෙල්ලත් මාව හොයය්
කැකුලො, මෙදා සැරේ කිකා ගොඩම තමය් .....
සිතට සැනසුමක් දෙන්නට හිටිය කෙලී
මහවෙ කැන්දන් යන්නට පැතුව කෙලී
හිතේ අලුත් හීනෙට පන පෙව්ව කෙලී
'පේරා' වලින් ගොඩ ගිහින්ලු රුවැති කෙලී
කෙලෙසින් කෙරුම කුරුළු කූඩුවක් කැඩුම ?
කොලුවෙක් නොවේද මං වගේ ඇති ඇගේ ලගම ?
පතමින් සතුට ආසිරි හා ලොව දිනුම
එලෙසින් නිමය් පොඩි බැච් එකේ මගේ පැතුම ...
Tuesday, August 5, 2014
සරසවි ජිවිතයේ අමතක නොවෙන දවස්..
සරසවි ජිවිතයේ අමතක නොවෙන දවස්..
A/L කරලා අපි ඔක්කොම කොලබ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයට ආවේ කවදාහරි පරිගණක විද්යාර්තයෙක් ,මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන්න හිත්ගෙනනේ.ඉතින් අපි ගත කරන සහ ගත කරපු අ කාලේ කරපු කියපු සමහර දේවල් එක්කහු කරන්න ඕනේ කියල හිතේ කොනක තිබ්බ අදහසක් නිසයි මේ වැඩේ පටන් ගත්තේ ඔන්න.මේ තියෙන්නේ අපේ පලවෙනි Bucket එක.පිස්සු හැදෙනවා පලවෙනි එක හින්දම හිතට මර ගතියක් දැනුන .ඒ වගේම මේක නම් කවදාවත් අමතක වෙන 1ක් නෑ..
Subscribe to:
Posts (Atom)




















