සරසවිය..රසවිය..සවිය විය..එහෙම තමයි ඔන්න අපිට නම්.. A/L කරලා අපි ඔක්කොම කොලබ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයට ආවේ කවදාහරි පරිගණක විද්යාර්තයෙක්,මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන්න හිතා ගෙනනේ.ඉතින් අපි ගත කරන සහ ගත කරපු ඒ කාලේ කරපු කියපු සමහර දේවල් එක්කහු කරන්න ඕනේ කියල හිතේ කොනක තිබ්බ අදහසක් නිසයි මේ වැඩේ පටන් ගත්තේ ඔන්න.මේ වැඩේ කරන්නේ අපේ බෝඩිමේ සෙට් එක.සෙට් එක කිව්වට අපි ඔක්කොම හයය්.අපි ඉන්නේ හයේ කණුවේ.ඉතින් මේ තමය් අපේ ජිවිත කියන කතාව..
Thursday, March 10, 2016
පටාගේ වීල්බැරෝ රේස්
අද කියන්න යන්නේ ටිකක් පරණ සීන් එකක්.. අද කතාවේ ප්‍රදාන චරිත 2ක් ඉන්නවා..එක්කෙනෙක් පටා (කැම්පස් එකේ ඉන්නකන්ම මාත් එක්ක කට්ට කාපු මගේ අතිජාත මිත්‍රයා :p)අනික් කෙනා තමයි අපේ Union එහෙමත් නැත්නම් ශිෂ්‍ය සංගමයේ සාමාජික කිතුලේ.. කිතුලේ කියන්නේ කොයිවෙලෙත් හදිස්සියෙන් ඉන්න, මොකක් ඇහුවත් "හරි මචං..එහෙම කරමු..මං බියන්ගෙන් අහල කියන්නම්.." කියල කියන හරී සුපරික්ෂාකාරී චරිතයක්..එ වගේම
පටා කියන්නේ උපතින්ම ලනු දෙන්නම ඉපදිච්ච එකෙක්.. ඔන්න කොහොමින් කොහොම හරි මේ සින් එක උනේ ස්පෝර්ට්ස් ඩේ එකට කලින් දවසේ. පටාට ස්පෝර්ට්ස් ඩේ එකේ තිබ්බ බාර දුර වැඩේ තමයි වීල් බැරෝ රේස් (අර එක්කෙනක් අත් දෙකෙන් තව කෙනෙක්ගේ කකුල් දෙකෙන් අල්ලන් යන්නේ )
Subscribe to:
Posts (Atom)

