අද කියන්න යන්නේ සරසවියේ මල් බකට් ගැන..ගොඩක් අය නම් දන්නවත් ඇති..කොහොමහරි කමක් නෑ..මල් බකට් එකක් දෙන්නේ හා හා පුරා කියල කැම්පස් එකේදී සෙට් වෙලා , කැම්පස් එකෙන්ම ගොඩ යන කපල් එකකටයි ..එක අතකින් බැලුවාම මල් බකට් එකක් කන්නත් පෙරුම් පුරාගෙන එන්න ඕනේ..ඇයි ඉතින් පට්ට ගේමක් දීල උසස් පෙළ ගොඩ දා ගෙන ලංකාවේ කැම්පස් ගොඩෙන් එක කැම්පස් එකක එකම පීථයකට ඇවිත් තමන්ගේ ජිවන සහකාරිය හොයා ගන්නවා කියන්නෙත් සිරාම වැඩක් කියල තමයි මං නම් හිතන්නේ..
එකෙන් මේකෙන් වැඩක් නෑ..කතාව කියමුකෝ..ඉතින් මේ මල් බකට් එක දෙන කපල් එකට ජීවිතේටම අමතක නොවන සිහිවටනයක් වෙන විදියටයි මේක දෙන්නේ..මනමාලිවයි මනමලයවයි හොදට සරසල මනමාලය මනමාලිව වීල් බැරෝ එකක තියන් තමයි පෝරු මස්තකයට අරන් එන්නේ..(ජිවන බර අදින්නත් පුරුදු වෙන්න එපැයි ..) ඉතින් අපේ පෝරු මස්තකය තියෙන්නේ ශ්‍රී සුබ බවන නොහොත් අපේ ආපන ශාලාවෙ ..සාමාන්‍යයෙන් මල් බකට් එකක් දෙද්දී පළමු,දෙවන,තෙවන සහ සිව්වන වසර වල සියලුම ශිෂ්‍යයෝන්ගෙන් බවන පිරී ඉතිරෙනවා..සමහර වෙලාවට ලේක්චසලා පවා එනවා..කොහොම කොහොම හරි මුලින්ම මනාල යුවල රේජිස්ටර් කරනවා..හැබැයි සාමාන්‍ය විදියට නම් නෙවේ..මුලින්ම අහනවා මේ මංගල්‍යයට විරුද්ද කව්රුත් ඉන්නවද කියල..ඉතින් ඔය වෙලාවට කව්රු හරි මනාලියට කලින් ට්‍රය් කරපු, ට්‍රයි කරල ඇණ උනු කෙනෙක්ව සබාවට එනවා..එනවා නෙවෙයි ඉතින් එන්න වෙනවා..ඇවිත් ඉතින් තමන් ට්‍රය් කරපු හැටි කියල,විරුද්දත්වයක් නෑ කියල යුග දිවියට සුබ පතල යනවා..ඊට පස්සේ රෙජිස්ට්‍රාර් වඩා පටන් ගන්නවා..
මුලින්ම මනමාලයගේ වාරය...
ඇතුගල්පුර පොල් ගෙඩි මුදියන්සේලාගේ කිකා වන මම... අද පටන් මෙහි සිටින..කොන්කිරිට් ගෙදර පුංචි හාමිනේ කිතූ සමග..අතිනත ගන්නා බවටත් ..අද පටන් ඇරබෙන අපගේ යුග දිවිය..දිවි ඇති තෙක් සාමකාමිව ගත කරන බවටත්..138 බස්වල පොෂ් ලදුන් නොසොයන බවටත්...ක්‍රිකට්,වොලිබෝල් ,ෆුට් බෝල්,රගර් කණ්ඩායම් කිහිපයක්ම සැදීමට දිවි හිමියෙන් කටුයුතු කරන බවටත්..කිතූ ඉදිරියේ දණ ගසා දිව්රා පොරොන්දු වෙමි..
ඊට පස්සේ මනමාලි ...
කොන්කිරිට් ගෙදර පුංචි හාමිනේ කිතූ වන මම අද පටන් මෙහි සිටින ඇතුගල්පුර පොල් ගෙඩි මුදියන්සේලාගේ කිකා සමග අතිනත ගන්නා බවටත් මොන යම් හේතුවක් නිසාවෙන් හෝ කිකාට එරෙහිව හැලි වලං බාවිතා නොකරන බවටත් ,කිකාට නිය තුඩකින්වත් හිංසා නොකරන බවටත් ,දැනට පවතින ජන ගහනයේ සැලකිය යුතු වෙනසකට මුල පුරන බවටත් ,කිකා මා ඉදිරියේ දණ ගසන ඕනෑම අවස්ථාවක සමාව දෙන බවටත් කිකාගේ හිස අත ගා පොරොන්දු වෙමි..
දැන් ආයෙත් කපු ගෙ වාරේ ...
සරසවිය වෙත පා නගන්නේ
කිකා කියලය් නම් ලබන්නේ
රැග් එකෙන්මයි ෆෝම් වෙන්නේ
කිතූ දැකලයි සිත දුවන්නේ
කොලබ මැද්දේ හයේ කණුවේ
කිකා ඉන්නා නිවාස ඇත්තේ
නාන් නැත්තේ සෙන්ට් ඇත්තේ
කිතූ හින්දයි හිත දුවන්නේ
තල තෙලුත් ගා පොල් තෙලුත් ගා
විලුබ ගාවට ගව්ම ඇදලා
කිතූ එනවා දුටුවා කියලා
හීනෙනුත් දොඩවනවා කික්කා
ගෙනා උදුවැල් ගෙදර ඉදලා
රස බලන්නකෝ අනේ කියලා
කිකා අත ඉන් ටිකක් තියලා
රස අසයි මේ කෙල්ල කිතූවා
දන්නා සිංහල වචන අමුණා
කඩ්ඩෙනුත් තව ටිකක් දමලා
කන්නටත් පෙර රසයි කියලා
සිත ගනයි ඇගෙ අපේ කික්කා
ගෙදර කෑමට රසය වැටිලා
ෆේස් බුකියෙන් චැටුත් කරලා
අන්තිමේදී සිතත් ඉල්ලා
මෙසේ අතිනත ගනී කොල්ලා
වැස්සකටවත් රේස්කොස් නොයන්නේ
හැබැයි දැන් නම් නොවරදන්නේ
කිකා දැන් නම් වීරයා වන්නේ
කිතූගේ හඩටත් නැවෙන්නේ
ඉතින් තනිකඩ හැව අරින්නේ
කිතූ නමිනුයි සිත් පුදන්නේ
ඇගේ සිත සතුටින් පිරෙන්නේ
සිනහවෙන් පෝරුව දිලෙන්නේ
අන්තිමට "ඔබේ අත ගෙන...පෙර සැදෑවක ගැයූ කුලුදුල්..ප්‍රේම ගීතය..විරහ ගීයක් නොවේවා....!! " කියල චිරාගත චාරිත්‍රානුකුලව අතැගිලි බැදලා "බවනේ" ප්ලේන්ටියක් බොන්න දෙනවා..හැබැයි තවම වැඩේ ඉවර නම් නෑ... (නම් ගම් මනකල්පිතය..)























